තෙල් පර්යන්තයක දැවැන්ත පිපිරීමක්

Fire Papua New Guinea
By Sewvandhi Dec 18, 2023 03:28 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

විදෙස් මාධ්‍ය පවසන්නේ, ගිනියාවේ කොනක්‍රි අගනුවර පිහිටි ප්‍රධාන තෙල් පිරිපහදුවෙහි සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

බලධාරීහු සඳහන් කරන්නේ, බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි.

පිපිරීමෙන් අවට නිවාසවල ජනේල පුපුරා ගොස් ඇති අතර, සිය ගණනක් නිවැසියන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද සඳහන් වනවා.

තෙල් පර්යන්තයක දැවැන්ත පිපිරීමක් | A Huge Explosion At The Oil Terminal In Guinea

බලධාරීන් නගරයේ පාසල් වසා දමන ලෙසට නියෝග කර ඇති අතර ජනතාවගෙන් නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ගින්නක් හේතුවෙන් පිපිරීම සිදුව ඇතිවූ බවට විශ්වාස කෙරෙන අතර ගින්න ආරම්භ වීමට හේතුව පැහැදිලි නැති බවයි.