නිවසක් සම්පූර්ණයෙන්ම ගින්නෙන් දැවෙයි - දරුවන්ගේ පොත්පත් සියල්ලත් විනාශ වී යයි.

Jaffna Sri Lanka Fire
By krishani Aug 22, 2023 09:56 AM GMT
Report

ඊයේ (21) යාපනයේ වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ ඉතා දිළිදු පවුලකට අයත් නිවසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වේ.

එම ගිනි ගැනීම සිදුවන අවස්තාවේ දී නිවසේ හිමිකරු කුළි වැඩට ගොස් සිට තිබෙනවා.

එමෙන්ම ඔහුගේ බිරිඳ අසල්වැසි නිවසකට ගිහින් සිට ඇති බව සඳහන් වේ.

මේ දිනවල යාපනය ප්‍රදේශයේ පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් ගිනිගත් නිවස නිවා දැමිමට කිසිවෙකුටත් හැකියාව ලැබී නොමැති බව නිවසේ හිමිකරු සඳහන් කළේ ය.

නිවසේ සියලුම දෙනාගේ ඇදුම් හා ළමුන්ගේ පොත්පත් ද ගින්නෙන් විනාශ වී ඇති අතර ඔවුන් පාසල් යන පාපැදිය ද විනාශයට පත් වී ඇත.

කෙසේ වෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.