එන්නතකින් පසු පාසල් සිසුන් පිරිසක් හදිසියේම රෝහල් ගත කෙරේ..!

Kalutara Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka
By Sewvandhi Mar 28, 2024 12:34 PM GMT
Report

කළුතර ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් එන්නතක් ලබාදීමෙන් පසුව ඇති වූ බව කියන රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතකර ඇත.

සිසුන් 10 දෙනෙකු මෙලෙස රෝහල්ගතකර ඇති බවයි, නාගොඩ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ, වයස අවුරුදු 12 සහ 13 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුන් පිරිසක් මෙලෙස රෝහල්ගතකර ඇති බවයි.

මෙලෙස රෝහල්ගතකර ඇති සිසුන් ක්ලාන්ත ගතියක් සහ ශ්වසන අපහසුතා වැනි ලක්ෂණ පෙන්නුම් කරන බවටද වාර්තා වී තිබේ.