තවත් උද්ඝෝෂණ කරල ඉවරයි...එකවර සේවකයින් විශාල ප්‍රමාණයකගේ වැඩ තහනම් කරේ..
වැඩ තහනම් කළ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවේ නිරත වූ විදුලි සේවකයන් පිරිසකගේ සේවය මෙසේ අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය දා පැවති උද්ඝෝෂණයේ දී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයන්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවයි, විදුලිබල මණ්ඩලය ඊයේ (19) පැවසුවේ.
විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගිය දා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කළා.
ඒ අනුව, විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට පසු ව උපදෙස් ලබා දී තිබුණේ, සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.