රූපලාවන්‍ය කටයුතුත් අනතුරක - වහාම රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ වැඩ තහනම් කෙරේ..!
මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ, රටේ ආර්ථිකයට බලපාන්නා වූ එමෙන්ම ජනතාව සමඟ සම්බන්ධ වැදගත් ආයතනයක් වූ රේගු දෙපාර්තමේන්තුවේ සේවය කරන විනය විරෝධී ලෙස කටයුතු කළ නිලධාරීන් පිරිසකගේ වැඩ තහනමට ලක්කළ බවයි.
අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ, පසුගිය ජනවාරි මාසයේදී පමණ මෙරටට ගෙන්වනු ලැබූ බහාලුමක රූපලාවන්‍ය උපකරණ සහ දියර පොහොර අඩංගුව තිබී ඇති අතර ඒවා ආනයනය කිරීම සඳහා නිසි අවසරයක් ලබාගෙන නොතිබූ නිසා එම බහාලුම රඳවා තබා ගැනීමට කටයුතු කළ බවයි.
රූපලාවන්‍ය උපකරණ ගෙනඒම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය අවශ්‍ය වන අතර දියර පොහොර රැගෙන ඒම සඳහා ආනයන අපනයන බලපත්‍රයක් ලබාගත යුතු බවද ඔහු පවසා සිටියා.
එවන් අවශ්‍යතා කිසිවක් සපුරා නොතිබියදී පසුගිය සතියේදී නිලධාරීන් පිරිසක් විසින් මෙම බහාලුම නීති විරෝධි ලෙස මුදාහැර ඇති අතර , ඊට සම්බන්ධ සියලු නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කළ බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.