"සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමේ කුමන්ත්‍රණයක් රට තුළ පවතිනවා" - කාදිනල් හිමි

Cardinal Malcolm Ranjith Sri Lanka NGO LGBTQ Latest Headlines Sinhala news
By Shehan Aug 15, 2025 07:34 AM GMT
Report

සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමට විදේශීය සංවිධාන සමග පිරිසක් කටයුතු කරනවා - කාදිනල් හිමි රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා විදේශීය සංවිධාන සමග එකතු වී පිරිසක් කටයුතු කරමින් සිටින බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, ඇතැම් දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයින්ද මෙම කටයුතුවලට සම්බන්ධ බවයි.

ඊයේ (14) කොළඹදී පැවැත්වුණු රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ධර්ම කීර්ති ශ්‍රී ආචාර්ය අකුරැටියේ නන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත මියන්මාර රජය විසින් පිරිනමන ලද අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය පිදීමේ උත්සවයට එක්වෙමින් කාදිනල් හිමි මේ බව සඳහන් කළහ.

එම අවස්ථාවට සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, ව්‍යවස්ථා සංශෝධනයකදී මානව අයිතිවාසිකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.