කතක් ළඟට ආ තවත් කතක් හිතා ගන්නවත් බැරි වෙලාවක කළ නොමනා වැඩේ..
කානතාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ල කා පළාගොස් ඇති කාන්තාවක් පිළිබඳව තොරතුරු කොස්ගම පොළ භූමියෙන් වාර්තා වේ.
ඇයව සොයා මේ වන විට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනව.
මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ කොස්ගම පන්සල පාර ප්රදේශයේ පදිංචි කාන්තාවක් ය.
ඇය රුධිර පරීක්ෂාවක් සඳහා කොස්ගම නගරය වෙත පැමිණ තිබෙනවා.
ඉන් අනතුරුව ඇය කොස්ගම පොළ වෙත ගොස් ඇති අතර එහිදී සැකකාර කාන්තාව හමුව තිබෙනවා.
මද වේලාවකින් ඇයට ක්ලාන්ත ගතියක් ඇති වූ බව තමන්ට පැවසූ බව සිද්ධියට මුහුණ පෑ කාන්තාව පොලීසියට පවසා තිබෙනවා.
පසුව ඒ ආසන්නයේ තිබූ පුටුවක ඇය හිඳුවා ඒ අසළ තමන් රැඳී සිටි බවත් එහිදී එක්වරම නැගී සිට තමන් දෙසට කඩා පැන ගෙළ බැඳි රන් මාලය කොල්ල කා පළා ගිය බව එම කාන්තාව පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
එහිදී මෙලෙස කොල්ල කා ඇති රන් මාලය පවුම් දෙකක් බරැති බව ඇය පවසා ඇත.
එමෙන්ම, එහි එක්ලක්ෂ විසිපන්දහසක් පමණ වටිනා පෙන්ඩන් දෙකක් එල්ලා තිබෙනවා
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කොස්ගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Sponsored By Sarrita Jewellery