මුහුණු පොත උඩු යටිකුරු කල විවාහ වෙලා දවස් 17 න් අවසන් ගමන් ගිය සුරුපිණිය..හෙට උපන්දිනය - වෛද්‍යවරයෙකුගේ බිල්ලක්ද..? (PHOTOS)
වෛද්‍යවරයෙකුගේ අත්වැරදීමක් හේතුවෙන් විවාහ වී දින 17කට පසුව ජිවිතයෙන් සමුදීමට සිදුවූ තරුණියකගේ අනුවෙදිනිය කතාවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
පිත්තාශයේ ගල් ඉවත්කිරීමේ ශල්‍යකර්මයක් සඳහා මෙම තරුණිය වත්තල ප්‍රදේශයේ පිහිටි ;පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙන අතර එහිදී වෛද්‍යවරයා ගේ අතින් ඇයගේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියකට හානී සිදුව ඇති බවයි සමාජ මාධ්‍යයේ සටහන්ව ඇත්තේ.
මේ හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට ලක්වූ තරුණිය දින 25ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දිනයේදී දිවිගමනට සමුදී ඇති අතර ඇය හෙට (27) දිනයේදී සිය උපන්දිනය යෙදී තිබීම දෛවෝපගත සිදුවීමක්.
මෙම තරුණියගේ ශල්‍යකර්මය සිදුකළ බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් රාශියක් පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ ඔහුගේ වරදින් පුද්ගලන් කිහිපදෙනකුටම ජිවිත අහිමිවීම් සිදුවූ බව කියමින්ය. මේ ඊට අදාළ ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල පලවූ සටහන් කිහිපයක් පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |








