පංති සල්ලි ගෙවීමට බැරිව සියදිවි නසා ගත් සිසුවිය - ගමක්ම හැඩවූ පුවත..

Sri Lanka Police Badulla Sri Lanka Police Investigation Sri Lankan Schools School Incident
By Sewvandhi Jan 30, 2024 04:58 PM GMT
Report

බදුල්ල ප්‍රදේශයෙන් බ්උපකාරක පංතියට ගෙවීම සඳහා මුදල් නොමැතිකම හේතුවෙන් සියදිවි හානි කරගත් 16 හැවිරිදි සිසුවියක් පිළිබඳව වාර්තා වෙනවා.

මෙම සිද්ධියෙන් මියගියේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බදුල්ල, පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි අයීෂා පරවීන් නම් සිසුවියයි.

ඇය දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත් වූ පවුලක වැඩිමහළු දරුවායි.ඇයගේ පියාට ස්ථිර රැකියාවක් නොමැතිවීමද ඊට ප්‍රධාන හේතුවක් වී තිබුණා.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අයිෂාට, තම පවුලේ ආර්ථික පසුබිම හමුවේ ඉගෙනීමේ කටයුතු පවා නිසියාකාරව කර ගැනීමට හැකිව ලැබුණේ නැහැ.

පසුගිය දිනක ගණිත විෂයය සඳහා උපකාරක පන්තියට යාමට අවශ්‍ය බව අයීෂා තම මවුපියන්ට දන්වා තිබෙනවා. නමුත් දැඩි දුශ්කරතා හමුවේ ජීවත් වන නිසා මව ඇයට පවසා ඇත්තේ උපකාරක පන්ති යෑමට මුදල් දීමට නොහැකි බවයි.

මවගේ එම ප්‍රකාශයත් සමඟ අයීෂාගේ ඊළඟ පියවර වී තිබුණේ තම ජීවිතය අහිමි කර ගැනීමයි. ඒ අනුව ඇය වැසිකිළිය තුළදී තම මිත්තනියට ලබාදෙන යම් ඖෂධ වර්ගයක් පානය කර ඇති අතර ඉන් පසුව ඥාතින් විසින් කඩිනමින් ඇය බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත් ඇයගේ ජිවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවන්නේ නැහැ.

Sponsored By Sarrita Jewellery

පංති සල්ලි ගෙවීමට බැරිව සියදිවි නසා ගත් සිසුවිය - ගමක්ම හැඩවූ පුවත.. | A Girl Suicide Due To Lack Of Money To Pay Tuition