පොතුපිටිය ඛේදවාචකයේ 12 හැවිරිදි දියණියගේ මළ සිරුර සොයා ගැනේ.
Sri Lanka
By Sewvandhi
කලවාන - පොතුපිටිය ගඟේ සැඩපහරකට හසුව දියේ ගිලී අතුරුදන්වූ දැරියගේ සිරුර සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කළා.
12 හැවිරිදි අදාළ දැරිය මෙම අනතුරට ලක්ව තිබුණේ මවගේ සොහොයුරිය සහ තම නැගණිය සමඟ පුස් ඇට ඇහිඳීම සඳහා ඊයේ (29) දහවල් එහි ගොස් සිටියදියි.
පසුව සිද්ධිය වූ ස්ථානයෙන් කිලෝමීටරයක් පමණ දුරක තිබී අද එම දැරියගේ සිරුර සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා.
මෘත ශරීරය මේ වනවිට කලවාන රෝහලේ තැන්පත් කර තිබෙනවා.
.................................................
You may like this video - :
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |