හෙට සිට දුම්රියේ නොමිලේ යන්න පුළුවන්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි..

Anuradhapura Sri Lanka Railways Department of Railways Railways
By Aruna Jun 16, 2024 08:20 AM GMT
Report

පොසොන් පොහොය නිමිති කරගෙන මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.

මේ වන විට උතුරු දුම්රිය මාර්ගයේ මහව – අනුරාධපුර ප්‍රදේශය අතර වැඩකටයුතු අවසන් වී නොමැති බැවින් මෙවර පොසොන් සමයට දුම්රිය සේවා යෙදවීමට නොහැකි වී ඇති බැවින්, ඒ වෙනුවට විශේෂ බස්රථ පමණක් 400ක් අතිරේකව යෙදවීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ.

ඉන්ධන මිල අඩු කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

ඉන්ධන මිල අඩු කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..


කෙසේවෙතත්, අනුරාධපුර සිට මිහින්තලය දක්වා නව කෙටි දුර දුම්රිය මාර්ගයක් ඉදිකර ඇති බවත්, මිහින්තලය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට ගාස්තු අය කිරීමකින් තොරව විශේෂ දුම්රියක් ධාවනය කිරීමට කටයුතු යොදන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ සිට මහව දක්වා දුම්රියෙන් පැමිණෙන මගින් හට මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දක්වා ද විශේෂ බස් සේවාවක් ද ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ.

සංගීත ප්‍රසංගයේ තරුණියත් එක්ක නටපු තරුණායාගේ ගෙළ කපා මරාදමයි..කිසිවෙකු නොසිතූ සංවේදී සිදුවීම මෙන්න.(PHOTOS)

සංගීත ප්‍රසංගයේ තරුණියත් එක්ක නටපු තරුණායාගේ ගෙළ කපා මරාදමයි..කිසිවෙකු නොසිතූ සංවේදී සිදුවීම මෙන්න.(PHOTOS)