මහා ගංවතුරක් ගැන රතු එළියක් - ප්‍රදේශ රැසක ජනතාවට දැනුම්දීමක්.. මොකක්ද මේ එකවරම වෙන්න යන්නේ?.

Sri Lanka Weather Floods In Sri Lanka Irrigation Department
By krishani Nov 20, 2023 01:40 AM GMT
Report

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

ප්‍රදේශ රැසකට තද වැසි - අද වැස්ස එන්නෙ මෙන්න මේ වෙලාවට.. එළියට යනවා නම් දැනගෙනම යන්න.

ප්‍රදේශ රැසකට තද වැසි - අද වැස්ස එන්නෙ මෙන්න මේ වෙලාවට.. එළියට යනවා නම් දැනගෙනම යන්න.


ඒ මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ය.

ඒ අනුව අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම, වැඩිදුරටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ දැඳුරු ඔය, තබ්බෝව, වෙහෙරළගල, ලුණුගම්වෙහෙර, මව්ආර සහ උඩවලව යන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බවයි.

මේ අතර කෙසෙල්ගමු ඔය පිටාර ගැලීම හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් සහ නිවාස රැසක් ජලයෙන් යටවී ඇත.

ඒ බගවන්තලාව මහඑළිය රක්ෂිතයට සහ බගවන්තලාව ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟයි.