නිරුවත් කර අමානුෂික ලෙස පහර දුන් ධීවරයෙකුට දරාගැනීමට නොහැකිව සියදිවි නසා ගනී - මෙරටින් ඇසෙන හද කම්පා කරන සංවේදී කතාව..(VIDEO)

Sri Lanka Sri Lanka Fisherman
By Sithumi Jun 05, 2022 01:08 PM GMT
Report

බෝට්ටු හිමිකරුවෙකු සහ සහ තවත් ධීවරයින් පිරිසක් සිදු කළ පහර දීම දරා ගැනීමට නොහැකිව සිය දිවි හානිකරගත් බව කියන ධීවරයෙකුගේ පුවතක් පයාගල ප්‍රදේශයෙන් වාර්තාවනවා..

තුවාල ලැබූ ධීවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතුරතුර ඉහල මහලෙන් පහලට පැන දිවි නසාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

පයාගල, අංගම්ගොඩ ප්‍රදේශයේ පදංචිව සිටි 42 හැවිරිදි සිව් දරු පියෙකු වන ඩිලාන් පැට්‍රික් බහුදින යාත්‍රාවක ධීවරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක්.

පසුගිය 29 වන දා බේරුවල ධීවර වරායෙන් බහුදින යාත්‍රාව පිටත්වීමට නියමිතව තිබියදී ඔහුට දියවැඩියා රෝගය උත්සන්න වී තිබෙනවා.

ඒ හේතුවෙන් මුහුදු ගමන කෙටි වේලාවකට ප්‍රමාද කරන මෙන් ඉල්ලා සිටීමෙත් සමග උරණ වූ ධීවරයාත්‍රාවේ හිමිකරු සහ තවත් ධීවරයින් පිරිසක් ඔහුව නිරුවත්කර , අමානුෂික ලෙස පහර දී ඇති බවයි ඔහුගේ බිරිඳ පැවසුවේ.

එම සිදුවීමෙන් පහර කෑ ඩිලාන් තම හිතවතෙකු සමග පොලිසියට ගියද පැවැති අසාද්‍ය තත්ත්වය හේතුවෙන් ඔහුව නාගොඩ රෝහලට ඇතුලත් කෙරුණා.

කෙසේ නමුත් පසුගිය දෙවන දින සිදු වූ සිදුවීම දරාගැනිමට නොහැකිව රෝහලේ තෙවන මහලේ සිට ඩිලාන් සිය දිවි හානි කරගත් බව ඔහුගේ බිරිඳ පවසනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
 Join Now