ධීවරයෙක් අතුරුදන් වෙලා.

Sri Lanka Police Sri Lanka
By krishani Dec 20, 2022 04:23 AM GMT
Report

ධීවර කටයුතු සඳහා මුහුදු ගිය පුද්ගලයෙක් අතුරුදන් වී ඇති බව පොලිසිය පවසයි.

ඔහු ඊයේ (19) දින දහවල් කාලයේ පලාලි, ඇන්ටනිපුරම් ප්‍රදේශය ආසන්නයේ දී ඇන්ටනිපුරම් ධීවර සංගමයට අයත් බෝට්ටුවකින් ධීවර කටයුතු සඳහා පිටත්ව ඇති බව වාර්තා වේ.

එම ප්‍රදේශයේම පදිංචි ඔහු වයස අවුරුදු 56ක් වූ අයෙක් වන අතර මේ වන විට ඔහුව සොයා නාවික හමුදාව හා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join