රෝහලක ගින්නක් ඇවිලී යයි - අලුත උපන් කිරි කැටියන් 06ක් ජීවිතක්ෂයට..(PHOTOS)

India Fire Death Latest Headlines
By krishani May 26, 2024 04:07 PM GMT
Report

ළමා රෝහලක හටගත් ගින්නකින් අලුත උපන් බිලිඳුන් 6 දෙනෙකු මිය ගිය අවාසනාවන්ත පුවතක් පිළිබඳව තොරතුරු ඉන්දියාවේ නවදිල්ලියෙන් වාර්තා වේ.

රෝහලක ගින්නක් ඇවිලී යයි - අලුත උපන් කිරි කැටියන් 06ක් ජීවිතක්ෂයට..(PHOTOS) | A Fire In A Childrens Hospital In India

ගිනි නිවීමේ රථ 16ක් යොදවා ගින්න නිවීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එහි සිටි බිලිඳුන් 12 දෙනෙකු බේරා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත් ව තිබෙනවා.

රෝහලක ගින්නක් ඇවිලී යයි - අලුත උපන් කිරි කැටියන් 06ක් ජීවිතක්ෂයට..(PHOTOS) | A Fire In A Childrens Hospital In India

අදාළ සිදුවීම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන්ට චෝදනා එල්ල වී ඇති බව සඳහන් විය.

කෙසේ වෙතත්, ඒ අනුව ඔවුන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය පැවසීය.

මේ අතර, විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 20දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති පුවතක් පිළිබඳව ඉන්දියාවෙන් තොරතුරු වාර්තා විය.

ඒ ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයෙන් ය.

එලෙස මියගිය පිරිස අතර ළමුන් 12 දෙනෙකු පමණ සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්, 

20කට ජීවිතය අහිමි කළ නොහිතපු වෙලාවක ආ ඒ මහා ඛේදවාචකය..(PHOTOS)

20කට ජීවිතය අහිමි කළ නොහිතපු වෙලාවක ආ ඒ මහා ඛේදවාචකය..(PHOTOS)