ලක්ෂ ගණන් මුදල් ගැරූ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලයි - දේශීය සහ විදේශීය රැකියා රැසකට අවශ්‍ය අධ්‍යාපනය ගැන මුහුණු පොතේ නිර්මාණාත්මක දැන්වීම් පල කරලා.. ව්‍යාජ සහතිකත් නිකුත් කරලා දහසකට වඩා පිරිසක් රට්ටලා.. (VIDEO)

Nihal Talduwa Police spokesman Sri Lanka Police Sri Lanka Police Investigation
By krishani Dec 06, 2023 03:28 AM GMT
Report

බම්බලපිටිය - ලෝරීස් පාරේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය අධ්‍යාපන ආයතනයක් පොලිසිය විසින් වටලනු ලැබීය.

ලක්ෂ ගණන් මුදල් ගැරූ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලයි - දේශීය සහ විදේශීය රැකියා රැසකට අවශ්‍ය අධ්‍යාපනය ගැන මුහුණු පොතේ නිර්මාණාත්මක දැන්වීම් පල කරලා.. ව්‍යාජ සහතිකත් නිකුත් කරලා දහසකට වඩා පිරිසක් රට්ටලා.. (VIDEO) | A Fake Educational Institution In Bambalapitiya

ඊයේ (05) එහි අධ්‍යක්ෂවරිය බම්බලපිටිය පොලිසිය මගින්  අත්අඩංගුවට ගැණින.

23 හැවිරිදි ඇය ඇය ගිරිඋල්ල - නාරංගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකී.

ඇය සමග එම ආයතනයේ සම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ 25 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සොයා මේ වන විමර්ශන ක්‍රියාත්මකයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇපයක් මත ඊයේ මුදාහැරිණී.

මෙම ආයතනය මුහුණු පොතේ දේශීය හා විදේශීය රැකියාවලට අවශ්‍ය ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා අධ්‍යාපනය ලබා දෙන බව පවසමින් දැන්වීම් පළ කර ඇත.

ලක්ෂ ගණන් මුදල් ගැරූ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලයි - දේශීය සහ විදේශීය රැකියා රැසකට අවශ්‍ය අධ්‍යාපනය ගැන මුහුණු පොතේ නිර්මාණාත්මක දැන්වීම් පල කරලා.. ව්‍යාජ සහතිකත් නිකුත් කරලා දහසකට වඩා පිරිසක් රට්ටලා.. (VIDEO) | A Fake Educational Institution In Bambalapitiya

එමෙන්ම, මෙම ආයතනයට සිසුන් බඳවා ගෙන ඇති අතර ඔවුන් ඔන්ලයින් ඔස්සේ වැඩමුලු‍ පවත්වමින් ව්‍යාජ ඩිප්ලෝමා සහතික නිකුත් කර ඇති බවට අණාවරණය විය.

ඒ අනුව වැඩිහිටි සාත්තු සේවා, දරුවන් රැකබලාගැනීම සහ මුල් ළමාවිය සංවර්ධනයට අදාළ උසස් ඩිප්ලෝමා ලබාදෙන බවට පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඒ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන්ද තොරව වේ.

ලක්ෂ ගණන් මුදල් ගැරූ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලයි - දේශීය සහ විදේශීය රැකියා රැසකට අවශ්‍ය අධ්‍යාපනය ගැන මුහුණු පොතේ නිර්මාණාත්මක දැන්වීම් පල කරලා.. ව්‍යාජ සහතිකත් නිකුත් කරලා දහසකට වඩා පිරිසක් රට්ටලා.. (VIDEO) | A Fake Educational Institution In Bambalapitiya

එහි පාඨමාලාවක් සදහා රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 05 දක්වා මුදල් අයකරගෙන තිබෙනවා.

තවත් අණාවරණය වූ කරුණක් වූයේ මෙවැනි වංචාවලට හසු වූ පුද්ගලයින් දහසකට ආසන්න පිරිසක් සිටින බවයි.

ලක්ෂ ගණන් මුදල් ගැරූ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලයි - දේශීය සහ විදේශීය රැකියා රැසකට අවශ්‍ය අධ්‍යාපනය ගැන මුහුණු පොතේ නිර්මාණාත්මක දැන්වීම් පල කරලා.. ව්‍යාජ සහතිකත් නිකුත් කරලා දහසකට වඩා පිරිසක් රට්ටලා.. (VIDEO) | A Fake Educational Institution In Bambalapitiya

මේ වන විට බම්බලපිටිය පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි 43 ක් ලැබී ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

මෙම ආයතනයේ විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික සිසුන් ද පාඨමාලා හැදැරීමට අයදුම්කර ඇත.

කෙසේ වෙතත්, එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 05 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23, 25, 26 යන වයස්වල පසුවන පුවක්පිටිය, පල්ලෙවෙල, දෙමටගොඩ, පොළොන්නරුව සහ මතුගම ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇත.

වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන්,

වීඩියෝ දර්ශන - Ada Derana