මෙන්න මේක ඩවුන්ලෝඩ් කරන්න ගියාද කියලා දැන්ම බලන්න - භයානක දෙයක් ගැන ජනතාවට දැනුම්දීමක් මෙන්න..

CID - Sri Lanka Police Sri Lanka Police Latest Headlines Decision Making
By krishani Jul 07, 2024 04:54 PM GMT
Report

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙන්න මේක ඩවුන්ලෝඩ් කරන්න ගියාද කියලා දැන්ම බලන්න - භයානක දෙයක් ගැන ජනතාවට දැනුම්දීමක් මෙන්න.. | A Fake Article Circulating On The Internet

ඒ පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති බව පවසමින් අන්තර්ජාලයේ සංසරණය වන ලිපියක් පිළිබඳව ය.

එම අදාළ ලිපිය මගින් දැවැන්ත දත්ත කොල්ලයක් සිදු කිරීමට හැකියාවක් ඇති බවට ඇති වූ සැකයක් හේතුවෙන් ය.

ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත් ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනය සහිතව කහ පැහැති පසුබිමේ ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් වූ ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය වල සංසරණය විය.

රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි වෙයි?. රාජ්‍ය සේවක ඔබ දැනගත යුතුම දෙයක් මෙන්න..

රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි වෙයි?. රාජ්‍ය සේවක ඔබ දැනගත යුතුම දෙයක් මෙන්න..


එය 2024 ජූලි 01 වනදා පොලිස්පති දේශබන්දු තෙන්කෝන් මහතා නිකුත් කළ බව හැඟවෙන අයුරින් සකසා ඇත.

අදාළ ව්‍යාජ ලිපිය සහ එම ලිපිය අන්තර්ජාලයට යොමු කළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේ ය.

ඒ අනුව අනාවරණ කර ගැනුණේ මෙරට, ප්‍රමුඛ පෙළේ මර්මස්ථාන රැසකට මෙන්ම ඒවායේ ප්‍රධාන නිලධාරීන් රැසකට අදාළ ලිපිය ඒ වන විටත් ඊමේල් මගින් යොමුකර තිබූ බව ය.

මෙහි විශේෂත්වය වන්නේ එය මුද්‍රණය කරගැනීම, සඳහා අනිවාර්යයෙන්ම බාගත කරගත යුතු වීම ය.

එහෙත් එය මුද්‍රණය කිරීමට ද හැකියාවක් පවතින්නේ නැත.

එය බාගත කළ පසු එය යවන ලද පාර්ශ්වයට එහි ඇති මැල්වෙයා, වෛරස් ආරක්ෂණ පද්ධති තුළට ඇතුළු වී අදාළ පරිගණකවල ඇති දත්ත සොරාගත හැකි බව වාර්තා වේ.

අනිද්දා දිවයින පුරා පාසල් වැසෙයි?. එතකොට හෙට?.

අනිද්දා දිවයින පුරා පාසල් වැසෙයි?. එතකොට හෙට?.


ඉන්පසුව පරිගණකයේ වේගය අඩාළ වීමද සිදුවන අතර දත්ත සොරකම් කිරීමේ අරමුණින් හෝ ඇතැම් පාර්ශ්වයන් අපහසුතාවට පත්කිරීමේ අරමුණින් යම්කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මෙම ලිපිය යොමුකර ඇත.

විමර්ශන නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන් නොදන්නා පුද්ගලයෙකුගෙන් යම්කිසි ඡායාරූපයක්, ලින්ක් එකක් හෙවත් පරිශීලක පිවිසුමක් හෝ පීඩීඑෆ් පිටුවක් පැමිණියහොත් එය විවෘත නොකරන ලෙස ය.

කෙසේ වෙතත්, මෙරට ආරක්ෂක අංශ මෙම ලිපිය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වේ.