මෙහෙමත් මත් වුණ අම්මයි දුවයි - පාරේ වැටිලා ඉද්දි එකපාරටම වුණ දෙය.. දුවවත් දාලා යන්න හදලා තියෙන්නේ..
ඊයේ (23) යාපනයේ චුන්නාකම් කන්දරෝඩේ ප්‍රදේශයේ දී මවක් හා දියණියක් අධික ලෙස බීමත්ව පාරේ වැටී සිට තිබෙනවා.
එලෙස වැටී සිටියදී ගම්වාසීන් විසින් ඔවුන් දෙදෙනාව පොලිසියට භාර දී ඇති බව වාර්තා විය.
පොලිසියට රැගෙන ආ අවස්ථාවේ දී දියණිය පොලිසිය තුළ දමා මව පැන යාමට උත්සාහ කර තිබෙනවා.
එහිදී පොලිසිය විසින් ඇයව අල්ලාගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52ක් වූ මවක් හා අවුරුදු 28ක් වූ දියණියක් ය.
පොලිස් මූලික විමර්ශනවල දී අණාවරණය වී ඇත්තේ මෙම දෙදෙනාම අධික ලෙස මත්පැන් පානය කිරීමට හුරු වී සිටින අය වන බවයි.
මොවුන් දෙදෙනා හිතවත් ව්‍යාපාරිකයෙකුගේ නිවසක දී මත්පැන් භාවිතා කර ඇත.
එහිදී අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා යතුරු පැදියෙන් ආපසු සිය නිවස බලා යාමට නොහැකි වී මහ පාරේ ඇද වැටී තිබෙනවා.
කෙසේ වෙතත්, ප්‍රදේශයේ කිහිප දෙනෙකු පැමිණ පොලිසිය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව චුන්නාකම් පොලිසියේ නිලධාරීන් ඔවුන් දෙදෙනාට තරයේ අවවාද කොට නිදහස් කර ඇති බව වාර්තා විය.
Sponsored By Sarrita Jewellery