පොළොන්නරුවේදී 15කට මරු කැඳවූ රියැදුරෙක් වසර 15කට පසු කොටුවෙයි. - PHOTOS

Sri Lanka Police Accident Srilanka Bus
By Wayomi Feb 15, 2024 05:04 AM GMT
Report

මීට වසර 15කට පෙර ජීවිත රැසක් අහිමි කරමින් සිදු වූ අනතුරකට මරණ දඬුවම නියමව සැඟව සිටි බස් රථ රියදුරෙක් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වැලිකන්ද මාර්ග බාධකයේදීයි.

2009 වසරේ පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ සෙවනපිටිය දුම්රිය හරස් මාර්ගයේදී මීට වසර 14කට පෙර අදාල අනතුර සිදු වූ අතර ඉන් කුඩා දරුවන් ඇතුලු 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 40 දෙනෙකුට තුවාල ලැබුවා.

අදාල අනතුර සම්බන්ධයෙන් විභාග වූ නඩුවේ තීන්දුව පසුගිය වසරේ ප්‍රකාශයට පත්වූ අතර එහි දී පොළොන්නරුව මහධිකරණය විත්තිකරුට මරණ දඩුවම නියම කරනු ලැබුවා.

නමුත් තීන්දුව ප්‍රකාශ කිරීමට වසරක පමණ සිට මෙම පුද්ගලයා අධිකරණය මගහැර සිටි අතර පොලිසිය සිදු කළ රහසිගත මෙහෙයුමකින් අනතුරුවයි විත්තිකරු ඊයේ අත්අඩංගුවට ගැනුනේ.


GalleryGallery