වෙඩින් ප්‍රී-ෂූට් එක රෝහලේ කරන්න ගිය පෙම් යුවලකට සිදු වූ දේ..වෛද්‍යවරයෙකු වූ පෙම්වතාට කිසිවෙකු නොසිතූ දෙයක් වෙයි.(PHOTOS)

Wedding India
By Aruna Feb 10, 2024 07:15 AM GMT
Report

ඉන්දියාවේ චිත්‍රදුර්ගා දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහලක ශල්‍යාගාරයේදී පුර්ව විවාහ රූගත කිරීමක් (Pre-Wedding Shoot) සිදු කළ වෛද්‍යවරයෙකු සේවයෙන් ඉවත් කර තිබෙන අපූරු පුවතක් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මෙලෙස කළ රූගත කිරීම් වීඩියෝ පටයේ ව්‍යාජ සැත්කමක් සිදු කරන ආකාරය දැක්වෙන අතර, මෙම යුවල වෛද්‍ය උපකරණවලින් සහ පසුබිමේ අංග සම්පූර්ණ ආලෝක සකස් කර සිට ඇති බවයි.

මෙහිදී වෛද්‍යවරයා ව්‍යාජ සැත්කමක් සිදු කරන ආකාරයටත් ඔහුගේ පෙම්වතිය සැත්කමට උදව් වන ආකාරයටත් පුර්ව විවාහ රූගත කිරීමේ වීඩියෝ දර්ශන ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එරට සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, රජයේ රෝහල මහජනතාවට සේවය කිරීම සඳහා මිස පුද්ගලික කටයුතු සඳහා නොවන බවත්, වෛද්‍යවරුන්ගෙන් මෙවැනි විනය විරෝධී ක්‍රියා කිසිවිට බලාපොරොත්තු විය නොහැකි බවයි.

GalleryGalleryGalleryGallery