අකුරු 03ක් සටහන් කර තරුණ වෛද්‍යවරයෙක් අවසන් ගමන්යයි..හේතුව සාස්තරයක් ලු..
තරුණ වෛද්‍යවරයෙකු සිය කාමරය තුළදී සියදිවි නසාගෙන ඇති පුවතක් පිළිබඳව තොරතුරු යාපනය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මූලික පරික්ෂණවල දි හෙළි වී ඇත්තේ, යාපනය පේදුරුතුඩුව රෝහලේ සේවය කළ මෙම වෛද්‍යවරයා නිර්වින්දන ඖෂධයක් අධික ලෙස එන්නත්කර ගැනීමෙන් හා ආඝ්‍රහණය කිරීමෙන් මියගොස් ඇති බවටයි.
වසර 07ක ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති මෙම වෛද්‍යවරයාගේ මව, ශාස්ත්රකරුවෙක් කළ ප්‍රකාශයක මත මෙම සබඳතාවයට තදින්ම විරුද්ධ වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම සම්බන්ධතාවය සිදුවුවහොත් ස්වාමියාට මාස තුනකට වඩා වැඩි කාලයක් ජීවතුන් අතර සිටීමට නොහැකි බවයි, එම ශාස්ත්‍රකරුවා ප්‍රකාශකර ඇත්තේ.
එම හේතුව මත අදාළ වෛද්‍යවරයාගේ මව පවසා ඇත්තේ, මෙම සම්බන්ධතාවයට තමන් තදින්ම විරුද්ධ වී ඇති බැවින් එය නතර කරන ලෙසයි.
මෙම වෛද්‍යවරයා ප්‍රේම සම්බන්ධතාවය ඇතිකර ගෙන තිබුණේ වෛද්‍යවරියක් සමග වන අතර ඇය ඉක්මනින් විවාහ විය යුතු බවට වෛද්‍යවරයාට පවසා ඇත.
මේ හේතුව නිසා දැඩි මානසික පීඩනයකින් සිටි මෙම වෛද්‍යවරයා සිය පෙම්වතියට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ තමන් සියදිවි නසා ගන්නා බවයි.
වෛද්‍යවරයා මියයෑමට පෙර කඩදාසියක යමක් සටහන් කිරීමට උත්සාහ කිරීමටයි.
නමුත් ඔහුට එහි සටහන් කිරීමට හැකි වී තිබෙන්නේ අකුරු තුනක් පමණි.
සිදුවීම පිළිබඳව පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.