මාස හතරකට ඩිසල් තොග ගෙන්වීමට තීරණයක්.

Ceylon Petroleum Corporation Sri Lanka Sri Lanka Cabinet Minister of Energy and Power
By Hashini Sep 26, 2023 07:10 AM GMT
Report

ඉදිරි මාස 4ක කාලයක් ඩීසල් නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ලංකා ඛනිජතෙල් සංස්ථාව සඳහා ඩීසල් නැව් තොග 4ක් මිල දී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත්තේ නොවැම්බර් මස 1 වනදා සිට 2024 පෙබරවාරි මස 29 වනදා දක්වා වු කාලය සඳහායි.

ඒ සඳහා ලංසු 5ක් ඉදිරිපත් වී තිබෙනවා.

බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව Petrochina Inaternational (Singapore) Pte.Ltd යන සමාගම වෙත අදාළ ප්‍රසම්පාදන පිරිනැමීම සිදු කරනු ලබනවා.