සුරාසැල් වැසීම ගැන ගත් තීරණය..
Sri Lanka
Government Of Sri Lanka
By krishani
දීපාවලි උත්සවය නිමිත්තෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් අනිද්දා දින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ ද , මහියංගණය සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර සෙසු ප්‍රදේශවල සියලු සුරාසැල් වසා දැමීමට තීරණය කර ඇති බවය.
ප්‍රාදේශීය ලේකම්වරුගෙන් ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |