පවුල් 27ක් සම්බන්ධයෙන් එකවරම ගත් හදිසි තීරණය..

Sri Lanka Landslide In Sri Lanka
By krishani Oct 22, 2023 06:42 AM GMT
Report

හපුතලේ - සරුවට්ටි ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් ඒ අවට පදිංචි තවත් පවුල් 27 ක පිරිස් ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ඇත.

මේ වන විට එම ඉවත් කළ පිරිස හපුතලේ දෙමළ මධ්‍ය විද්‍යාලයේ ආපදා සහන මධ්‍යස්ථානයක රඳවා සිටියි.

ඒ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

මේ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය පස් කඳු කඩා වැටීම් හේතුවෙන් අවහිර වී තිබෙනවා.

ඒ සමග එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද පැවතිය.

පොලිසිය සඳහන් කළේ හපුතලේ සහ බෙරගල අතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මෙලෙස පස් කඳු කඩා වැටී ඇති බවයි.

කෙසේ වෙතත්, නැවත දැනුම් දෙන තුරු එම මාර්ගයේ රථ වාහන ධාවනය සිදු නොකරන ලෙස සහ එම ස්ථාන නැරඹීමට යාමෙන් වලකින ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනු ලැබීය.