කාන්තාවන්ගේ රාත්‍රී සේවය ගැන රජයෙන් ගත් අලුත්ම තීරණය. - IT කතුන්ට පමණක් විශේෂ අවසරයක්.

Government Of Sri Lanka Ministry of Foreign Affairs - sri lanka
By Wayomi Jan 29, 2024 07:45 AM GMT
Report

කාන්තාවන් සේවයේ යෙදවීමට අදාළව සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත සංශෝධනය කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ආයතනයක කාන්තාවන් රාත්‍රි දහයෙන් පසුවද සේවයේ යෙදවිය හැකි බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

කාන්තාවන්ගේ රාත්‍රී සේවය ගැන රජයෙන් ගත් අලුත්ම තීරණය. - IT කතුන්ට පමණක් විශේෂ අවසරයක්. | A Decision On Women S Night Service

අදාල සංශෝධිත පනත් කෙටුම්පතට අනුව එලෙස සේවයේ යොදවා ගන්නා කාන්තාවන්ගේ ආරක්ෂාව, ප්‍රවාහන පහසුකම් සහ විවේක ගැනී‍මේ පහසුකම් ඇතුළු එම කාන්තාවන්ගේ සුබසාධනයට අදාළ නියමයන් හා කොන්දේසි ආයතන හිමිකරුවා ලබාදිය යුතු වෙනවා.

ඒ, අනුව මෙලෙස සේවයේ යෙදිය හැකි වන්නේ වයස අවුරුදු 18 සපුරා ඇති කාන්තාවන්ට පමණක් වන අතර මෙම සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.

                                                                                 Sponsored By Sarrita Jewellery

කාන්තාවන්ගේ රාත්‍රී සේවය ගැන රජයෙන් ගත් අලුත්ම තීරණය. - IT කතුන්ට පමණක් විශේෂ අවසරයක්. | A Decision On Women S Night Service