මෙරට සියලුම සම්භාහන මධ්‍යස්ථාන සඳහා ගත් තීරණයක්..

Sri Lanka
By krishani Sep 26, 2023 05:08 PM GMT
Report

දිවයින පුරාම ඇති සියලුම සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කර ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වා දීමට තීරණය කර ඇත.

ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත එම නියාමන ක්‍රියාවලිය සකස් කිරීම දැනටමත් ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව දිවයින පුරා ඇති සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම, ඒවායින් වාර්ෂික බද්දක් අය කිරීම, එම මධ්‍යස්ථානවලින් ලියාපදිංචි ගාස්තුවක් අයකිරීම ආදී කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එකඟතාවයන්ට එළැඹී ඇති බව වාර්තා වේ.