දුම්රිය නතර කළ මළ සිරුර..

Kandy Sri Lanka Sri Lanka Railways Department of Railways
By Sewvandhi Dec 22, 2022 05:56 AM GMT
Report

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද (22) උදෑසන බාධා එල්ල වුණා.ඒ දුම්රියේ ගැටී මියගිය බවට සැක පුද්ගලයෙකුගේ මළ සිරුරක් දුම්රිය මාර්ගයෙන් ඉවත්කර නොගැනීම හේතුවෙනුයි.

පිළිමතලාව දුම්රිය ස්ථානය ආසන්නේදී අද උදෑසන 6.30ට පමණ මෙම පුද්ගලයා දුම්රියේ ගැටී ඇති බවට තොරතුරු වාර්තාවෙයි.

කෙසේ වෙතත් උදෑසන 9පමණ වනතෙක් දුම්රිය මාර්ගයෙන් අදාළ පුද්ගලයාගේ මළ සිරුර ඉවත්කර නොගැනීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

කෙසේ වෙතත් පසුව පේරාදෙණිය පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කරගැනීමට පියවර ගෙන ඇත. මෙලෙස දුම්රිය අනතුරට ලක්ව මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now