පිළිස්සී මියගිය යුවළගේ කාමරයේ තිබී සොයාගත් දේ

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Oct 01, 2022 02:40 PM GMT
Report

නිවසේ කාමරයක් තුළ නිදා සිටියදී පිළිස්සී මියගිය යුවළගේ මරණය සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, මෙම යුවළ රැඳීසිටි කාමරයේ පෙට්‍රල් අඩංගු ලීටරයක ධාරිතාවකින් යුත් පිළිස්සී ගිය ප්ලාස්ටික් බෝතල් 05ක් තිබී ඇති බවට මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ ක්‍රියාත්මකය.

අද (01) අලුයම 4.15 ට පමණ නිවසක් තුළ පිළිස්සී මියගිය අඹුසැමි යුවළකගේ මළ සිරුරු හමුවී තිබුණි. පොලීසිය පැවසුවේ වැල්වැටිතුර නෙදියකාඩු ප්‍රදේශයේ නිවසක තිබී එම සිරුරු සොයාගත් බවය

. එලෙස පිළිස්සී මියගොස් ඇත්තේ 31 හැවිරිදි සරවනභවා රංජිත්කුමාර් නමැති පුද්ගලයෙක් සහ 26 හැවිරිදි ක්‍රිෂාන්තිනී නමැති ඔහුගේ බිරිඳය.

නිවසේ සිටි අනෙක් පිරිස අදාළ කාමරයේ දොර කඩා කාමරයට ඇතුළුවී තිබෙන අතර ඒ වනවිටත් ඔවුන් පිළිස්සී මියගොස් ඇති බව ඔවුන් පොලීසිය හමුවේ පවසා ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now