සල්මන් ඛාන්ව ඝාතනය කරලා ලංකාවට පනින්න හැදුව ගැහුව සුපිරි ප්ලෑන.. - තොරතුරු රැසක් එළියට ඇවිත් මෙන්න.
බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඝාතනය කිරීමේ කුමන්ත්රණයක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට ඉන්දීය පොලීසිය සමත් වී ඇත.
ඒ අනුව Lawrence Bishnoi නම් කල්ලිය පාකිස්තාන අවි සැපයුම්කරුවෙකුගෙන් ලබාගත් ආයුධවලින් සන්නද්ධව මහාරාෂ්ට්රයේ පන්වෙල් හි දී සල්මන් ඛාන්ගේ මෝටර් රථයට පහර දීමට කුමන්ත්රණය කර ඇති බවට තොරතුරු වාර්තා වීය.
එම කල්ලිය සතුව අධි බලැති අවි ගබඩාවක් ඇති බවට ද හෙළිව ඇති අතර කල්ලිය පුද්ගලයන් 60 සිට 70 දක්වා පිරිසකගේ සහාය ලබාගෙන ඇති බව සඳහන් වේ.
මුම්බායි පොලිස් මූලාශ්රවලට අනුව අදාළ කල්ලිය විසින් සකස් කරන ලද සංකීර්ණ සැලැස්මට අනුව ඒ සෑම පුද්ගලයෙකුට නිශ්චිත භූමිකාවක් පවරා ඇත.
එමෙන්ම, ප්රහාරය ක්රියාත්මක කිරීමෙන් පසු, ප්රහාරකයින්ට තමිල්නාඩුවේ කන්යාකුමාරි වෙත පළා යන ලෙස උපදෙස් දී ඇති බව ද අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් මුහුදු මාර්ගයෙන් ශ්රී ලංකාවට පළායෑමට නියමිතව සිට ඇති බව ද අණාවරණය වී ඇත.
කෙසේ වෙතත්, වැඩිදුරටත් සඳහන් වූයේ එතැන් සිට පහසුකම් සපයන ලද වෙනත් රටකට ඔවුන් ආරක්ෂිතව ගමන් කිරීම සඳහා විධිවිධාන ක්රියාත්මක වී තිබූ බවයි.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%