ඉන්දියාවෙන් ලංකාවට තවත් ටොන් ගානක සහනාධාර..

Government Of India India
By krishani May 28, 2022 01:15 AM GMT
Report

ඉන්දියාවෙන් ලංකාවට වෛද්‍ය සැපයුම් තොගයක් පිරිනමා තිබේ.

ඒ ඉන්දීය වැඩ බලන මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 260ක වටිනාකමින් යුක්ත ටොන් 25කට වඩා බරැති ඖෂධ  තොගයක් පිරිනමමින් ය.

INS ඝාරියල් නෞකාවෙන් දිවයිනට ළඟා වූ මෙම මානුෂීය ආධාර තොගයට ශ්‍රී ලාංකික ධීවරයන්ගේ පරිහරණය සඳහා වන භූමිතෙල් තොගයක් ද ඇතුළත් වන අතර මෙම ආධාර තොගය ඉදිරි දිනවල දී ප්‍රතිලාභීන් අතර බෙදා දෙනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join