10කට ඉස්පිරිතාලෙ යන්න වුණ ලව් පලහිලව්ව - කෙල්ලොම 06ක්..

Kurunegala Hospitals in Sri Lanka Latest Headlines
By krishani Mar 26, 2024 05:04 PM GMT
Report

පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුවියන් හය දෙනෙකු සහ සිසුන් හතර දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

10කට ඉස්පිරිතාලෙ යන්න වුණ ලව් පලහිලව්ව - කෙල්ලොම 06ක්.. | A Conflict In A Private Educational Institution

මෙම ගැටුම සිදු වී ඇත්තේ කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ය.

සිද්ධිය සම්බන්ධයෙන් එම අධ්‍යාපන ආයතනය බාරව සිටින පුද්ගලයා ගොකරැල්ල පොලිසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

මෙම පෞද්ගලික අධ්‍යාපන ආයතනය රජයේ ලියාපදිංචි කරන ලද ආයතනයක් වේ.

එමෙන්ම, එහි අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ සිසු සිසුවියන්ට නේවාසිකව අධ්‍යාපනය ලබා දෙන බව ද සඳහන් වේ.

කෙසේ වෙතත්, මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ  ප්‍රේම සම්බන්ධතාවක් මත හටගත් බව කියන ආරාවුලක් දුර දිග යෑමෙන් මෙම ගැටුම සිදුව ඇති බවයි.