හරක් කටා මුදාගන්න හැදූ මෙහෙයුමට සම්බන්ධ ස්නයිපර් සෙබළෙක් අල්ලයි.

CID - Sri Lanka Police Sri Lanka Police
By Wayomi Nov 22, 2023 09:21 AM GMT
Report

CID ය භාරයේ රඳවාගෙන සිටින 'හරක් කටා' ඉන් මුදාගැනීම සඳහාසැලසුම් කළ සිද්ධියට අදාළව 33 හැවිරිදි හිටපු කොමාන්ඩෝ ස්නයිපර් සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව මාතර ගොඩගම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදී ඇත.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ හරක්කටා මුදා ගැනීම කමාන්ඩෝ මාදිලියේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක තොරතුරු පළමුව අනාවරණ වුණා.

එම ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ හිටපු කමාන්ඩෝ සාමාජිකයින් දෙදෙනෙකු ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා රුපියල් කෝටි 100කට අධික මුදලක් මෙම කොන්ත්‍රාත්තුව වෙනුවෙන් ලබා ගත් බවට ද සැක පල කරනවා.

මෙහිදී ඔවුන් සැලසුම් කර තිබුණේ, කමාන්ඩෝ නිල ඇඳුමින් සැරසුණු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළු වී එහි ප්‍රධාන දොරටුවේ සිට ආරක්ෂාවට රදවා සිටින සියලු‍ දෙනාට ප්‍රහාරයක් එල්ල කර හරක්කටා මුදාගෙන පලා යාමටයි.

කෙසේ වෙතත් මෙම සැලසුම අනාවරණය වීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ගේ සංඛ්‍යාවද වැඩි කිරීමට පියවර ගෙනඇති බවයි වාර්තා වන්නේ.