කැළණි ගඟේ දිය නාමින් සිටි දරුවෙකු බිහිසුණු ලෙස කිඹුලෙක් ඇදගෙන ගිය අවාසනාවන්ත සිදුවීම..

Sri Lanka Police Accident Latest Headlines
By Sithumi Jan 16, 2024 05:47 PM GMT
Report

කැළණි ගඟේ කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවත තොටුපළේ දී දිය නාමින් සිටි නව හැවිරිදි පිරිමි දරුවකු කිඹුලෙකු ඇදගෙන ගිය අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වී තිබෙනවා.

කැළණි ගඟේ දිය නාමින් සිටි දරුවෙකු බිහිසුණු ලෙස කිඹුලෙක් ඇදගෙන ගිය අවාසනාවන්ත සිදුවීම.. | A Child Is Attacked By A Crocodile

මෙම සිද්ධියට මුහුණ දුන් දරුවා තම මිත්තණිය සමඟ රෙදි සේදීමට සහ දිය නෑම සඳහා අදාල තොටුපළට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ මිත්තණිය රෙදි සෝදන අතරේ දී දරුවා ඇයට මීටර් පහක් පමණ දුරින් කැළණි ගඟේ බැස සිටින අතරතුර එක්වරම කිඹුලා දරුවා ඩැහැගෙන ගොස් ඇති බවයි කඩුවෙල පොලිසිය පැවසුවේ.

කැළණි ගඟේ දිය නාමින් සිටි දරුවෙකු බිහිසුණු ලෙස කිඹුලෙක් ඇදගෙන ගිය අවාසනාවන්ත සිදුවීම.. | A Child Is Attacked By A Crocodile

මෙලෙස ඩැහැගෙන ගොස් ඇත්තේ කඩුවෙල වැවැලිවිට සාන්ත අන්තෝනි මාවතේ පදිංචිව සිටි නව හැවිරිදි පිරිමි දරුවෙක් බවයි වාර්තා වන්නේ.

දරුවා කිඹුලාගේ කට මැද සිරකරගෙන කිහිප වරක් ගඟේ ඉහළට පැමිණි බව සිද්ධිය සැලවීමත් සමඟ අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට දක්නට ලැබී තිබෙනවා.

Sponsored By Sarrita Jewellery

කැළණි ගඟේ දිය නාමින් සිටි දරුවෙකු බිහිසුණු ලෙස කිඹුලෙක් ඇදගෙන ගිය අවාසනාවන්ත සිදුවීම.. | A Child Is Attacked By A Crocodile