ඔබේ දරුවාත් පරිස්සම් කරගන්න... ඔන්චිල්ලාවක ලණුව සිරවීමෙන් කුඩා දරුවකුට සිදුවූ අවාසනාවන්ත ඉරණම...
Sri Lanka Police
Accident
Death
By Sithumi
මේ සිදුරීම අපිට ඇහෙන්නේ මුලතිව් - සෙම්මලෙයි ප්‍රදේශයෙන්.
ඔංචිල්ලාවක ලණුවක් ගෙලේ සිර වීමෙන් වයස අවුරුදු 10ක දරුවෙකු ඊයේ (20) සවස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා මේ බව මුලතිව් - කෝකිලායි පොලීසිය ප්‍රකාශ කළා.
ඔංචිලි පදිමින් සිටි අවස්ථාවේ ලණුව ගෙලේ සිර වීමෙන් දරුවා ජිවිතක්ෂයට පත් ව ඇති බවයි පොලීසිය පැවසූවේ.
මිය ගොස් ඇත්තේ, ප්‍රසාන්ත් දනෝෂ් නමැති දරුවෙක් මෙලෙස මිය ගොස් ඇති අතර දරුවා කඩිනමින් මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇති නමුත් ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මිය ගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මුලතිව් රෝහලේ පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කෝකිලායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා .