සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ලොතරැයි මුද්‍රණයේ වෙනසක්.
2023 මැයි මස සිට වසරක කාලයක් සඳහා සංවර්ධන ලොතරැයි මන්ඩලය වෙත පරිගණකාශ්‍රීත දිනුම් පිණිස ලග්න වාසනාව, අද කෝටිපති, ශනිදා, සුපර් බෝල්, සංවර්ධන වාසනාව, ජයෝදා, කප්රුක සහ සසිරි යන ලොතරැයිපත් මුද්‍රණය කර සැපයීමේ ප්‍රසම්පාදනය සඳහා එක් එක් ලොතරැයි වර්ගය මත පදනම්ව ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබෙනවා.
ඒ, අනුව ඊට 06 දෙනෙකු ලංසු ඉදිරිපත් කර ඇත.
එමෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ මත පහත සඳහන් පරිදි අදාළ ලොතරැයිපත් මුද්‍රණය කර සැපයීමේ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
මේ අනුව ලග්න වාසනාව, අද කෝටිපති, සුපර් බෝල් සහ කප්රුක ලොතරැයිපත් මුද්‍රණය කර සැපයීමේ ප්‍රසම්පාදනය Grand Export (Pvt) Ltd. වෙත සහ ශනිදා, ජයෝදා, සංවර්ධන වාසනාව සහ සසිරි ලොතරැයිපත් මුද්‍රණය කර සැපයීමේ ප්‍රසම්පාදනය Printcare Secure Ltd. වෙත පිරිනමා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |