කෝවිලක් ඉදිරිපිටදී පිපිරීමක්..අළුයට සැඟවූ සහරාන් ඉන්දියාවෙන් මතු වෙයි..

India
By Aruna Oct 26, 2022 03:47 AM GMT
Report

පසුගිය ඉරිදා තමිල්නාඩුවේ කොයිම්බතූර් හි කෝවිලක් ඉදිරිපිට මෝටර් රථයක් පිපිරීමෙන් මියගිය 25 හැවිරිදි පුද්ගලයා පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් සමග අන්තවාදී ජාලයකට සම්බන්ධ වී සිටි පුද්ගලයකු බව හෙළිව තිබෙනවා.

ජමීෂා මුබින් නමැති මෙම පුද්ගලයාගෙන් 2019 දී ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සහරාන් සමග පැවැති සබඳතා පිළිබඳව ප්‍රශ්න කර ඇත.

මෝටර් රථයක් තුළ ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් සිදු වූ ජමීෂා මුබින්ගේ මරණය ත්‍රස්තවාදී ප්‍රහාරයකට සම්බන්ධදැයි යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව තමිල්නාඩු පොලිසිය කියයි.

මුබින් ඉරිදා අලුයම 4 ට පමණ ගෑස් සිලින්ඩර දෙකක් සහ ඇණ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය රැගෙන තම මෝටර් රථය පදවාගෙන යද්දී එය පුපුරා ගොස් තිබේ.

පොලිසිය මුබින් පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බැලීමෙන් පසු, එය කෝවිලක් අසල සිදුවූ පිපිරීමක් නිසා සැකයක් මතු වී තිබේ.

පසුව බලධාරීන් මුබින්ගේ නිවස වටලා පොටෑසියම් නයිට්රේට්, ඇලුමිනියම් කුඩු, සල්ෆර් වැනි පිපිරීමකට උපයෝගී කරගන්නා ද්‍රව්‍ය සොයා ගන්නා ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now