ගුවන් පාලමක් මතදී මෝටර් රථයක් හදිසියේම ගිනි ගනී - (PHOTOS)

Sri Lanka Police Investigation Fire Accident Latest Headlines
By Sewvandhi Apr 01, 2024 04:16 PM GMT
Report

අද (1) රාත්‍රියේ දෙහිවල ගුවන් පාලම මතදී මෝටර් රථයක් එක්වරම ගිනිගැනීමට ලක්වීමෙන් අනතුරක් සිදුවිය.

එම අවස්ථාවේ මෝටර් රථයේ ගමන්කරමින් සිටි පුද්ගලයා ඉන් පිටතට පැන දිවි බේරාගැනීමට සමත්ව ඇත.

දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් පැමිණ ගින්න නිවාදැමීමට කටයුතු කර තිබුණි.

මෝටර් රථයේ ඇතිවූ විදුලි කාර්මික දෝෂයක් මෙම ගින්නට හේතුවන්නට ඇති බවට සැක පළකරයි.

දෙහිවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඡායාරූප - Accident 1st

GalleryGalleryGallery