මත් කුඩු සහ ගිනි අවියක් සමග ව්‍යාපාරිකයා අල්ලයි

Galle Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 08, 2022 01:54 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

හික්කඩුව වරාවිලවත්ත නිවසකින් පිස්තෝලයක් අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2200ක් සහ රුපියල් ලක්ෂ හතක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.

මෙසේ අත් අංගුවට ගෙන ඇත්තේ හික්කඩුව වරාවිලවත්ත පදිංචි 32හැවිරිදි පද්ගලයෙකි.ඔහු සංචාරක ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයකු බවද පොලිසිය පවසයි.

සැකකරු අත්අංගුවට ගන්නා අවස්ථවේ ඔහුගේ නිවසේ සිටි ඉරණවිල ධිවර ගම්මානයේ පදිංචිකරුවකු ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් හෙට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery