අවමංගල්‍ය උත්සවයෙන් දවස් තුනකට පස්සේ මිය ගිය පුද්ගලයා ආයෙත් ගෙදරටම ඇවිත් - සියල්ලන් පුදුම වෙයි?. බලන්නකෝ වෙලා තියෙන දේ..
මියගිය පුද්ගලයෙකුගේ දේහය මිහිදන් කර දින තුනකට පසු මියගිය පුද්ගලයා ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඉදිරියේ පෙනී සිටීමේ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
මෙලෙස ඔහු රෝහලට පැමිණ ඇත්තේ සිය මව සහ ඥාතීන් සමගින් ය.
ඒ සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ගම්පොළ බස් නැවතුම්පොළේ දී මීට මාස දෙකකට පෙර පුද්ගලයෙක් හෘදයාබාධයකින් මිය ගොස් ඇත.
පසුව සිරුර හඳුනා ගැනීමට නොහැකි වීම නිසා මාස දෙකක් ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ මෙම සිරුර තබා තිබෙනවා.
ඉන් පසුව ගම්පොළ - කුරුදුවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ඇතුළු පිරිසක් පැමිණ මළ සිරුර තමන්ගේ පියාගේ බව පවසා ඇත.
එමෙන්ම එය භාර ගෙන ද තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව පවුලේ අය ආගමික වතාවත් සිදු කර දේහය මිහිදන් කර ඇත.
ඉන් අනතුරුව අවමංගල්‍ය උත්සවයෙන් දින තුනකට පසු මියගිය බවට සැලකෙන පුද්ගලයා නිවසට පැමිණ ඇත.
ඔහු දැක පවුලේ අය පුදුමයට පත්ව ඇති අතර සිද්ධිය පිළිබඳව සොයා බැලීමේ දී සිදුව ඇත්තේ එම පවුලේ අයට අත්වැරදීමක් සිදුව ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.