දස ගුණයකින් විතර ලොකු, ලොකුම ලොකු ගෙඩියක් - සියල්ලන් විමතියට පත් වෙලා දැක්ක දෙය.. (PHOTO)

Latest Headlines Decision Making
By krishani Mar 15, 2024 03:10 PM GMT
krishani

krishani

in ආහාර
Report

අද අපි කියන්න යන්නේ ලෝකෙම ලොකුම ගෙඩිය ගැන.

මේක නිකන්ම නිකම් ගෙඩියක් නෙවෙයි මේක බ්ලූ බෙරී ගෙඩියක්.

ලොව විශාලතම බ්ලූබෙරි ගෙඩිය ඔස්ට්‍රේලියාවේ ගොවිපළකින් හමු වී තිබෙනවා. 

දස ගුණයකින් විතර ලොකු, ලොකුම ලොකු ගෙඩියක් - සියල්ලන් විමතියට පත් වෙලා දැක්ක දෙය.. (PHOTO) | A Blueberry

එය ලොව විශාලතම බ්ලූබෙරි වාර්තාවට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

පසුගිය නොවැම්බරයේ දී මෙය අධිශීතකරණයක තැන්පත් කර ඇති අතර, මෙය සෙන්ටිමීටර 4කට ආසන්න පළලකින් යුක්ත වේ.

එමෙන්ම එහි බර ග්‍රෑම් 20.4 කින් යුක්ත වූ බව සඳහන් වේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙය සාමාන්‍ය බ්ලූබෙරි මෙන් නොව 10 ගුණයකින් පමණ විශාල වන නිසා ය.

මිට පෙර මේ වාර්තාවට හිමිකම් කියා තිබුණේ බටහිර ඕස්ට්‍රේලියාවේ වගා කරන ලද 16.2g බර බෙරි වර්ගයක් ය.

විශාල බෙරි සඳහා ඇති පාරිභෝගික ඉල්ලීම් සපුරාලීම සඳහා කොස්ටා සමූහය විසින් නව බෙරි ප්‍රභේදයක් සංවර්ධනය කර ඇත.

කෙසේ වෙතත්, ඒ අනුව මෙය ගිනස් ලෝක වාර්තා අතර ලොව බරම බ්ලූබෙරි ගෙඩියේ වාර්තාවට හිමිකම් කියන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.