අඩුම ඒකක ගානකට ආපු 75,000ක බිල.

Government Of Sri Lanka Water Board
By Wayomi Feb 15, 2024 08:04 AM GMT
Report

ජල ඒකක 4 වැනි ප්‍රමාණයක් සඳහා රුපියල් 75,000ක ජලබිලක් පැමිණි පුවතක් හුංගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

එම නිවැසියන් නෑමට සහ බීමට පමණක් ජලය ලබාගත්තද, මීට පෙර අවස්ථාවලදී මසකට රුපියල් දහසකට ආසන්න වතුර බිලක් පැමිණ ඇති බව සඳහන්.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් එම නිවසේ කාන්තාව විසින් හුංගම හාතගල ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ නඩත්තු කාර්යාලය වෙත ද පැමිණිලි කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ කාන්තාව අදහස් දක්වා තිබුනේ මෙලෙසින්,

''මේ මාසේ 11 වැනිදා වතුර බිල් ලියන මහත්තයා නිවසට ඇවිත් වතුර බිල මට දුන්නා.. වතුර බිල රුපියල් 75000ක් ඇති බව දැනගත් මට උන්හිටිතැන් අමතක වුණා. අපි ගොඩක් දුප්පත්. කුලී වැඩ කරලා ජීවත්වෙන්නේ. ඉන්න හිටින්න හරියට ගෙයක් දොරක්වත් නෑ. ජල බිලේ ඒකක 800ක් කියලා දාලා තියෙනවා.''



Gallery