කුඩයකින් මුහුණ ආවරණය කරමින් බැංකුවක් මංකොල්ල කයි - පොලිසිය මහජන සහය පතයි.. (CCTV දර්ශන සහිතයි)

Sri Lanka Police Sri Lanka
By krishani Nov 05, 2022 06:28 AM GMT
Report

අවිස්සාවේල්ල මාරබේ ප්‍රදේශයේ බැංකුවක ආරක්ෂිත කැමරාවලට නොපෙනෙන අයුරින් කුඩයකින් මුහුණු ආවරණය කරමින් බැංකුවක් තුළට ඇතුළු වී කොල්ලකරුවන් පිරිසක් එහි සේප්පුවක් කොල්ලකා පළාගොස් ඇත.

කොල්ලය සඳහා සැකකරුවන් තිදෙනෙකු පැමිණ ඇති අතර බැංකුවේ රන් ආභරණ සහ මුදල් තැන්පත් කර තිබූ සේප්පුවක් කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් ඇත.

එහි රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනා ආභරණ සහ මුදල් තිබී ඇති බව අවිස්සාවේල්ල පොලීසිය පවසයි.

වෑන් රථයකින් පැමිණ ඇති කොල්ලකරුවන් බැංකුවේ ඉදිරිපස යකඩ දොර කඩා බැංකුව තුළට ඇතුළු වී ඇත.

අනතුරුව බැංකුව තුළ සහ ඉන් පිටත තිබූ ආරක්ෂිත කැමරා විනාශ කිරීමට ඔවුන් කටයුතු කර ඇත.

මෙම පුද්ගලයින් පිළිබඳව තොරතුරක් දන්නේ නම් 0718 591 425, 0718 593 754 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස අවිස්සාවේල්ල පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel