සරුංගල් යැවීම සම්බන්ධයෙන් තහනමක්.
Hambantota
Sri Lanka
Ceylon Electricity Board
By krishani
සරුංගල් යැවීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය අද (18) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ හම්බන්තොට - නව පොල්පිටිය 220KV අධිවෝල්ටීය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ හා ඒ අවට කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙසයි.
මේ දිනවල නව පොල්පිටිය ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීම බහුලව සිදු වේ.
මෙම සරුංගල් විදුලි රැහැන්වල පැටලීම බහුලව සිදුවන අතර විදුලි රැහැන් එළීමේ කටයුතු වලට ද එය අහිතකරව බලපායි.
ඒ හේතුවෙන් සරුංගල් යැවීම සිදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය එම කලාපය ආශ්‍රිත ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම නව පොල්පිටිය අධි සම්ප්‍රේෂණ මාර්ගයේ රැහැන් සම්බන්ධ කිරීමේ කටයුතු තවත් සතියකින් පමණ අවසන් වනු ඇති බව ද විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ය.