දින තුනක් වයසැති බිළිඳිය මවක් රෝහල පිටුපස හොරෙන්ම දමා ගිහින්.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Hospitals in Sri Lanka
By krishani Aug 19, 2023 08:05 AM GMT
Report

මහියංගනය මූලික රෝහලේ පිටුපස, දින තුනක් වයසැති බිළිඳියක අතහැර දමා ගිය කාන්තාවක් සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම රෝහල පිටුපස බිළිඳිය හැර දමා තිබිය දී සොයාගත් අතර පසුව බිළිඳිය  එම රෝහලේ විශේෂිත ළමා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.

මෙලෙස අදාළ බිළිඳියගේ මව ලෙස  සැක පිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ය.

කෙසේ වෙතත්, මහියංගනය මූලික රෝහලේ වාට්ටුවක අධික රුධිරය වහනය වෙමින් සිටි කාන්තාවක් ගැන ඇති වූ සැකයක් මත කරන ලද පරීක්ෂණ වල දී මේ කාන්තාව පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.