මෙරට ජනප්‍රිය නිළියක් සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු අතර ගුටි කෙළියක්
මෙරට ජනප්‍රිය නිළියක් සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු අතර අද (22) අලුයම් කාලයේදී පානදුර නගරයේ ප්‍රසිද්ධ පාසලක් අසල නිවසක් ඉදිරිපිට ආරවුලක් ඇතිවී තිබේ. මේ සම්බන්ධව පානදුර දකුණ පොලීසිය ට පැමිණිල්ලක් ද ලැබී ඇත.
එනම්, මෙම අධ්‍යක්ෂවරයා සිය මෝටර් රථයෙන් අලුයම 02ට පමණ රංගන ශිල්පිනිය හමුවීමට පැමිණ තිබේ. ඒ, ඇය රැඳී සිටි පානදුර නගරයේ ප්‍රධාන පාසලක් අසල පිහිටි නිවසට ය. එහිදී මෙම ආරවුල සිදුවී ඇති බව සඳහන් වේ.
ජනප්‍රිය රංගන ශිල්පිනිය සහ තවත් කාන්තාවක් විසින්, එම අධ්‍යක්ෂවරයා තමන්ට පහරදී මෝටර් රථයේ යතුර ලබගත් බවට පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව පොලීසිය පැවසීය.
අදාළ අධ්‍යක්ෂවරයා ද පොලීසියට පැමිණිල්ලක් සිදුකරමින් පවසා ඇත්තේ, තමාගේ ලක්ෂ 75කට ආසන්න මුදලක් ඇය වෙනුවෙන් වැයකර ඇති බවත්, අද අලුයම සිය ජංගම දුරකථනය, ලක්ෂ තුනහමාරක පමණ මුදලක් සහ මෝටර් රථයේ යතුර ද ඇය ලබාගත් බවටය.
පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතා දෙපාර්ශ්වයට කරුණු අවබෝධ කරදීමෙන් පසු පැමිණිලි ඉල්ලා අස්කර ගෙන සමථයකට පත්වූ බව වාර්තා වෙයි.