නිවසක් මතට කඩා වැටුණු කිලෝ 50 අයිස් කුට්ටිය. - (PHOTO)

Sri Lanka Weather
By Wayomi Mar 13, 2024 04:02 AM GMT
Report

ඊයේ(12) හාලි ඇල මැදගම ග්‍රාම සේවා වසමේ නිවසක වහලය මතට කිලෝ 50 ක් පමණ බරකින් යුත් අයිස් කුට්ටියක් කඩා වැටී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම අයිස් කුට්ටිය වහලයේ දිය වී ගලා විත් බිමට පතිත වූ බවත්, දියවීමට පැය කිහිපයක් ගත වූ බවත් නිවැසියන් ආපදා කළමණාකරණ අංශවලට දන්වා ඇති බව සඳහන්.

අයිස් කුට්ටිය වැටුණු ස්ථානයේ වහලේ ගිලා බැස ඇති බවද නිවසෙන් පවසන අතර මෙම සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැහැ.

මෙතරම් විශාල අයිස් කුට්ටිය අහසින් වැටීමක් වාර්තා වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවත්, වියළි කාලගුණික තත්ත්වයක්ම හමුවේ අයිස් වැටෙන තත්ත්වයන් වාර්තා වුවද විශාල ප්‍රමාණයේ අයිස් කුට්ටියක් හුදෙකලා ස්ථානයකට වැටීමක් වාර්තා වන්නේ ප්‍රථම වතාවට බවත් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ඊ. එම් .එල්. උදය කුමාර මහතා පවසනවා.   

මෙම සිදුවීම සම්බන්ධයෙන් "ගගන" අප සිදු කළ විමසීමකදී අධ්‍යක්ෂක ඊ. එම් .එල්. උදය කුමාර මහතා කියා සිටියේ, එම අවස්ථාවේ අදාල ප්‍රදේශයේ වැසි තත්වයක් හෝ කිසිදු කාලගුණික විපර්යාසයක් සිදු නොවූ හෙයින් අයිස් කුට්ටිය අහසින් කඩා වැටුණු එකක් බවට සැක කෙරෙන බවත්, ඒ, සම්බන්ධයෙන් රසායනික පරීක්ෂණයක් ද සිදු කිරීමට නියමිත බවත්ය. 


Gallery