15ක දැරියක් ගැබිණියක කළ, මවගේ අනියම් සැමියාට වැඩ වරදී..
Sri Lanka Police
Sri Lanka
By krishani
අවුරුදු 15 දැරියක ගැබිනියක කළ දැරියගේ මවගේ අනියම් පුරුෂයා පෙරේදා(04) දිනයේ බුත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
දැරියගේ පියා මව අතහැර ගොස් ඇති අතර මව වෙනත් පුද්ගලයකු සමග අඹුසැමියන් ලෙස ජීවත් වී සිට ඇත.දැරිය ඔවුන්ගේ රැකවරණය යටතේ සිටිය දී නිවසේ කිසිවකු නොමැති අවස්ථාවේ දී මවගේ අනියම් පුරුෂයා වරින්වර ඇයව දූෂණය කර ඇත.
දැරියට බඩේ රුදාවක් වැළඳී ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේ දී සිදුකළ පරීක්ෂණවල දී ඇය ගැබිනියක බව හඳුනාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මවගේ අනියම් පුරුෂයාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |