බෙහෙත් පෙති දෙකක් 13 හැවිරිදි දැරියක් බිලිගනී.

Sri Lanka Police Sri Lanka Death
By Wayomi Nov 10, 2023 12:26 PM GMT
Report

අද (10) උදෑසන බලපිටිය මරදාන ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් බෙහෙත් පෙති දෙකක් උගුරේ හිරවී මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බලපිටිය රේවත විදයාලයේ ඉගෙනුම ලබන 13 හැවිරිදි වලිමුනි දිනුජි මොවිස්මා මෙන්ඩිස් නමැති ශිෂ්‍යාවක්.

මෙම දැරිය හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් මත නිවසේ තිබූ බෙහෙත් පෙති දෙකක් මේ දැරිය අරගෙන ඇති බවත් එය පාවිච්චි කිරීමෙන් පසු මේ සිසුවිය මිය ගොස් ඇති බව ඥාතීන් පවසනවා.

මිය ගිය දැරියගේ මරණ පරීක්ෂණය බලපිටිය මූලික රෝහලේදී මරණ පරීක්ෂක කේ .ගවගාඅරච්චි මහත්මිය විසින් පවත්වා ඇති අතර අහුන්ගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.