සුරතල් බලු පැටවාගේ වියෝව දරාගත නොහැකිව දැරියක් කරගත් දෙයක්.. සියල්ලන් හඬා වැළපෙයි..

India Death Latest Headlines
By krishani Apr 28, 2024 05:56 PM GMT
Report

ඊයේ (27) නිවස තුළ දී ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ 12 හැවිරිදි දැරියක් සියදිවි හානිකරගෙන තිබෙනවා.

සුරතල් බලු පැටවාගේ වියෝව දරාගත නොහැකිව දැරියක් කරගත් දෙයක්.. සියල්ලන් හඬා වැළපෙයි.. | A 12 Year Old Girl Committed Suicide In India

ඒ සිය සුරතල් සුනඛයාගේ වියෝව දරාගත නොහැකිවයි.

අදාළ දැරිය ගෙල වැලලාගෙන මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

පවුලේ අය පවසන පරිදි, දින පහකට පෙර තම සුරතල් සුනඛයා මියගොස් තිබෙනවා.

දැරිය ආදරයෙන් රැකබලා ගත් එම සත්වයාගේ වියෝවෙන් ඇය මානසික අවපීඩනයේ සලකුණු පෙන්නුම් කරමින් සහ නිසි ලෙස ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් පීඩාවට පත්ව සිට ඇත.

කිරි කැටියෙක් ඇළක කිලෝමීටර ගාණක් ගහගෙන ගිහින් - නිමේෂයකින් සිදු වූ ඒ සංවේදී පුවත.. (VIDEO)

කිරි කැටියෙක් ඇළක කිලෝමීටර ගාණක් ගහගෙන ගිහින් - නිමේෂයකින් සිදු වූ ඒ සංවේදී පුවත.. (VIDEO)


ඇයගේ පවුලේ අය ඇයව සනසන්නට උත්සාහ කළ ද එම උත්සාහයන් ව්‍යර්ථ වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඊයේ (27) සවස දැරියගේ මව සහ සහෝදරිය වෙළඳපොළට පිටව ගිය අවස්ථාවේ දී නිවසේ තනිව සිටි දැරිය මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා විය.