අවුරුදු 07ක දැරියකට තරුණයන් දෙදෙනෙක් කළ අහස පොළොව නුහුලන අපරාදය..
ඇතිමලේ පොලිස් වසමට අයත් විලඔය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අවුරුදු හතක දැරියකට බරපතළ ලිංගික අතවර සිදුකළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් ඊයේ (14) තරුණයින් දෙදෙනෙකු ඇතිමලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම දැරියගේ මව කොළඹ කොට්ටාව ප්‍රදේශයේ රැකියාවක් සඳහා පිටවගොස් තිබෙනවා.
ඒ හේතුවෙන් දැරිය මිත්තණිය භාරයේ සිට ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
මව විසින් සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත්තේ 2023 ඔක්තෝබර් මාසයේ දිනක අසල්වැසි තරුණයෙකු විසින් දැරියට බරපතළ ලිංගික අතවර සිදුකළ බවයි.
එම ප්‍රදේශයේම තවත් තරුණයෙකු ද 2024 ජනවාරි මස 13 වෙනි දින බරපතළ ලිංගික අතවර කළ බවට දියණිය පැවසු බව ද මව පොලිසියට පවසා තිබෙනවා.
අනතුරුව දැරියට අතවරකළ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු පහළොවයි මාස හයක් වයසැති පාසල් ශිෂ්‍යයෙක් සහ අවුරුදු දහසයක් වයසැති තරුණයෙකු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත්, අතවරයට පත් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
Sponsored By Sarrita Jewellery